2023 O/L විද්‍යාව නිල විභාග ප්‍රශ්න පත්‍රය (A4 Printable)
⬅️ ආපසු (Back)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව • DEPARTMENT OF EXAMINATIONS, SRI LANKA අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය

2023 අ.පො.ස. (සා.පෙළ) විභාගය • විද්‍යාව I

General Certificate of Education (Ord. Level) Examination - 2023

විෂය අංකය: 34 (විද්‍යාව)  |  කාලය: පැය 01 විනාඩි 15  |  මුළු ලකුණු: 40
විභාග අංකය:
වැදගත් උපදෙස්:
I වන පත්‍රය — බහුවරණ ප්‍රශ්න 40 එක් ප්‍රශ්නයකට ලකුණු 01 යි • (ලකුණු 40)
01.
බහිස්‍රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපදවෙන්නේ,
(1) වකුගඩුවල ය.
(2) අක්මාවෙහි ය.
(3) මුත්‍රාශයෙහි ය.
(4) වෘක්කාණුවල ය.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
02.
ක්ෂමතාවේ ඒකකය කුමක් ද?
(1) W s
(2) W s^{-1}
(3) J s
(4) J s^{-1}
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
03.
අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් අණුක සූත්‍රය $(\text{CH}_3)_2\text{CHOH}$ වේ. මෙම අණුවක ඇති පරමාණු ගණන කොපමණ ද?
(1) 8
(2) 10
(3) 11
(4) 12
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
04.
ශාක පත්‍ර තුළ නිපදවන ආහාර ශාක දේහය පුරා පරිවහනය කරන පටකය කුමක් ද?
(1) සෛලම
(2) ප්ලෝයම
(3) කැම්බියම
(4) දෘඪස්තර
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
05.
වස්තු දෙකක් එකිනෙක පිරිමැදීමෙන් එක් වස්තුවකට ධන ආරෝපණයක් ලැබීමේ දී අනෙකට සංක්‍රමණය වීනුයේ
(1) ඉලෙක්ට්‍රෝනයි.
(2) ප්‍රෝටෝනයි.
(3) නියුට්‍රෝනයි.
(4) ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝනයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
06.
පිළිවෙළින් ආම්ලික ඔක්සයිඩයක්, උභයගුණී ඔක්සයිඩයක් සහ භාස්මික ඔක්සයිඩයක් ඇතුළත් වන්නේ මින් කුමක ද?
(1) $\text{SO}_3, \text{Al}_2\text{O}_3, \text{SiO}_2$
(2) $\text{SO}_3, \text{Al}_2\text{O}_3, \text{MgO}$
(3) $\text{CO}_2, \text{SiO}_2, \text{MgO}$
(4) $\text{SiO}_2, \text{CO}_2, \text{Al}_2\text{O}_3$
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
07.
ශාක සෛලයක ඇති අජීවී ව්‍යුහයක් ලෙස .................................... හැඳින්විය හැකි ය.
(1) සෛල බිත්තිය
(2) ප්ලාස්ම පටලය
(3) රයිබොසෝම
(4) ගොල්ගි දේහ
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
08.
රූපසටහනේ දක්වා ඇති නාරටි වින්‍යාසය සහිත පත්‍ර දරන ශාකයක තවත් රූපීය ලක්ෂණයක් වන්නේ, (සමාන්තර නාරටි වින්‍යාසය සහිත පත්‍රයක්)
Question Diagram
(1) මුදුන් මුල් පද්ධතියක් පිහිටීමයි.
(2) අනු බෙදුණු කඳක් තිබීමයි.
(3) බීජය තුළ එක් බීජපත්‍රයක් තිබීමයි.
(4) චතුරංක හෝ පංචාංක පුෂ්ප දැරීමයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
09.
විද්‍යුත්-චුම්බක තරංග හා සම්බන්ධව පහත ප්‍රකාශවලින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?
(1) යාන්ත්‍රික සම්ප්‍රේෂණය කරයි.
(2) රික්තයේ දී $3 \times 10^8\text{ m s}^{-1}$ වේගයකින් ගමන් කරයි.
(3) පදාර්ථමය මාධ්‍යයක දී සත්‍යතාවය රික්තයේ දීට වඩා අඩු වේ.
(4) පදාර්ථමය මාධ්‍යයක දී වේගය රික්තයේ දීට වඩා අඩු වේ.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
10.
අයනික සංයෝග පිළිබඳ ව සත්‍ය වන්නේ පහත කුමන ප්‍රකාශය ද?
(1) ඝන අවස්ථාවේ දී විද්‍යුතය සන්නයනය කරයි.
(2) සියල්ල ම ඉතා හොඳින් ජලයේ දිය වේ.
(3) තාපාංක හා ද්‍රවාංක ඉහළ අගයන් ගනී.
(4) විලීන අවස්ථාවේ දී විද්‍යුතය සන්නයනය නොකරයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
11.
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත රෝග ලක්ෂණ දක්නට ලැබේ. • කැස්ස සමග රුධිරය පිටවීම • ශරීරයේ බර අඩු වීම • අධික වෙහෙස මෙම පුද්ගලයාට වැළඳී තිබීමට හැක්කේ
(1) නිමෝනියාවයි.
(2) බ්‍රොන්කයිටිස් රෝගයයි.
(3) ක්ෂය රෝගයයි.
(4) සිලිකෝසිස් රෝගයයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
12.
සරල වෝල්ටීය කෝෂයේ (Zn සහ Cu තහඩු තනුක සල්ෆියුරික් අම්ලයේ බහා ඇති) බාහිර පරිපථයේ දැක්වෙන ඊතලයෙන් (Zn සිට Cu දෙසට) නිරූපණය කරන දිශාවට ගමන් කරනුයේ,
Question Diagram
(1) සම්මත ධාරාවයි.
(2) ඉලෙක්ට්‍රෝනයි.
(3) $\text{Zn}^{2+}$ අයනයි.
(4) $\text{Cu}^{2+}$ අයනයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
13.
සරල වෝල්ටීය කෝෂයෙහි සිදු වන කැතෝඩ ප්‍රතික්‍රියාව කුමක් ද?
Question Diagram
(1) $\text{Zn}^{2+}\text{(aq)} + 2\text{e}^- \rightarrow \text{Zn(s)}$
(2) $\text{Cu}^{2+}\text{(aq)} + 2\text{e}^- \rightarrow \text{Cu(s)}$
(3) $2\text{H}^+\text{(aq)} + 2\text{e}^- \rightarrow \text{H}_2\text{(g)}$
(4) $4\text{OH}^-\text{(aq)} + 4\text{e}^- \rightarrow \text{O}_2\text{(g)} + 2\text{H}_2\text{O(l)}$
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
14.
ආලෝක වර්තනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. $A$ - ආලෝකය වර්තනය වන්නේ විරලතර මාධ්‍යයක සිට ඝනතර මාධ්‍යයකට ගමන් ගන්නා විට පමණි. $B$ - වර්තනයට හේතු වන්නේ මාධ්‍ය දෙකෙහි දී ආලෝකයේ වේග එකිනෙකින් වෙනස් වීමයි. $C$ - වර්තනයේ දී ආලෝකයේ සංඛ්‍යාතය වෙනස් වේ. මෙහිදී සත්‍ය වන්නේ,
(1) $A$ පමණි.
(2) $B$ පමණි.
(3) $A$ හා $C$ පමණි.
(4) $B$ හා $C$ පමණි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
15.
පොළොව මත දී ගුරුත්වාකර්ෂණ ත්වරණය $10\text{ m s}^{-2}$ වේ. සඳ මත දී එම අගය පොළොවේ දී මෙන් $\frac{1}{6}$ කි. පොළොව මත දී බර $60\text{ N}$ වන වස්තුවක සඳ මත දී බර කොපමණ ද?
(1) $10\text{ N}$
(2) $60\text{ N}$
(3) $100\text{ N}$
(4) $360\text{ N}$
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
16.
පහත දැක්වෙන ලක්ෂණ අතුරෙන් පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩයට අයත් ආවේස් හා මැමේලියාවන්ට පමණක් පොදු ලක්ෂණ මොනවා ද? $A$ - අචලතාපීතාව $B$ - රෝමවලින් ආවරණය වූ සම $C$ - අස්ථිමය අභ්‍යන්තර සැකිල්ල $D$ - කුටීර හතරක් සහිත හෘදය
(1) $A$ හා $B$
(2) $A$ හා $D$
(3) $B$ හා $C$
(4) $C$ හා $D$
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
17.
ලෝහ පිළිබඳ ව අසත්‍ය ප්‍රකාශය මින් කුමක් ද?
(1) මූලද්‍රව්‍යවලින් බහුතරය ලෝහ වේ.
(2) සියලු ම ලෝහ විද්‍යුතය සන්නයනය කරයි.
(3) ලෝහ පරමාණු ඉලෙක්ට්‍රෝන පිටකරමින් ධන අයන නිපදවයි.
(4) සියලු ම ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් පිට කරයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
18.
එක්තරා ද්‍රාවණයකට මෙතිල් ඔරේන්ජ් බිංදු කිහිපයක් එක් කළ විට එම ද්‍රාවණය රතු පැහැයට හැරිණි. එම ද්‍රාවණයේ $\text{pH}$ අගය වීමට වඩාත් ඉඩ ඇත්තේ මින් කුමක් ද?
(1) 2
(2) 7
(3) 12
(4) 14
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
19.
නැවක සිට මුහුදු පතුලට යවන ලද අධිධ්වනි තරංගයක් පරාවර්තනය වී නැව වෙත පැමිණීමට තත්පර හතරක් ගත වේ. මුහුදු පතුලට ඇති ගැඹුර $2880\text{ m}$ නම් මුහුදු ජලය තුළ අධිධ්වනි තරංගයේ වේගය කොපමණ ද?
(1) $720\text{ m s}^{-1}$
(2) $1440\text{ m s}^{-1}$
(3) $2880\text{ m s}^{-1}$
(4) $3700\text{ m s}^{-1}$
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
20.
වායුවක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. • පහසුවෙන් දහනය කළ හැකි ය. • සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩු ය. • ජලයේ මඳ වශයෙන් ද්‍රාව්‍ය වේ. මෙම වායුව වන්නේ
(1) හයිඩ්‍රජන් ය.
(2) නයිට්‍රජන් ය.
(3) ඔක්සිජන් ය.
(4) කාබන් ඩයොක්සයිඩ් ය.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
21.
හෘද ස්පන්දන වේගය පාලනය කරන මධ්‍ය ස්නායු පද්ධතියට අයත් කොටස කුමක් ද?
(1) මස්තිෂ්කය
(2) අනුමස්තිෂ්කය
(3) සුෂුම්නාව
(4) සුෂුම්නා ශීර්ෂකය
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
22.
සන්නායකයක ප්‍රතිරෝධය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. $A$ - සන්නායකයේ දෙකෙළවර විභව අන්තරය මත රඳා පවතී. $B$ - සන්නායකයේ දිගට අනුලෝම ව සමානුපාතික වේ. $C$ - සන්නායකය තුළින් ගලා යන ධාරාව මත රඳා පවතී. ඉහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ
(1) $A$ පමණි.
(2) $B$ පමණි.
(3) $A$ හා $C$ පමණි.
(4) $B$ හා $C$ පමණි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
23.
කැල්සියම් කාබනේට් $10\text{ g}$ ක ඇති කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය කොපමණ ද? $(\text{CaCO}_3 = 100)$
(1) 0.01
(2) 0.1
(3) 1
(4) 10
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
24.
කාබෝහයිඩ්‍රේට පිළිබඳ ව නිවැරදි ප්‍රකාශය තෝරන්න.
(1) සියලු ම කාබෝහයිඩ්‍රේට ජල ද්‍රාව්‍ය වේ.
(2) සියලු ම කාබෝහයිඩ්‍රේට ස්ඵටිකරූපී වේ.
(3) කාබෝහයිඩ්‍රේටවල C හා H අතර අනුපාතය $1 : 2$ වේ.
(4) ග්ලුකෝස් යනු කාබෝහයිඩ්‍රේටවල තැනුම් ඒකකයයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
25.
දකුණු පසින් දැක්වෙන්නේ $A$ හා $B$ ලෝහ දෙකකින් සැදුම් ලත් ද්විලෝහ පටියකි. මෙහි වැඩියෙන් ප්‍රසාරණය වන ලෝහය $A$ වන අතර අඩුවෙන් ප්‍රසාරණය වන ලෝහය $B$ වේ. ද්විලෝහ පටියේ උෂ්ණත්වය වැඩි කළ විට එහි හැඩය වෙනස් වන්නේ පහත කුමන ආකාරයට ද?
Question Diagram
(1) ඉහළට නැමී ඇති ආකාරය (A ඇතුළත, B පිටත)
(2) කිසිදු වෙනසක් නොවී කෙළින් පැවතීම
(3) පහළට නැමී ඇති ආකාරය (A පිටත, B ඇතුළත)
(4) පහළට නැමී ඇති ආකාරය (B පිටත, A ඇතුළත)
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
26.
ඝන ද්‍රව්‍යයකින් සාදන ලද වස්තුවක් ද්‍රවයක ඉපිලීම සඳහා
(1) ඝන ද්‍රව්‍යයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයට වඩා අඩු විය යුතු ය.
(2) ඝන වස්තුවේ ස්කන්ධය විස්ථාපිත ද්‍රව ස්කන්ධයට සමාන විය යුතු ය.
(3) ඝන වස්තුවේ බර එමගින් විස්ථාපිත ද්‍රව පරිමාවේ බරට සමාන විය යුතු ය.
(4) ඝන වස්තුවේ බර එය මත ඇති වන උඩුකුරු තෙරපුමට වඩා අඩු විය යුතු ය.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
27.
$Tt$ ප්‍රවේණිදර්ශය සහිත ජීවීන් දෙදෙනෙකු අතර අන්තර්භජනනයෙන් බිහි වන ජනිතයන්ගේ එකිනෙකට වෙනස් ප්‍රවේණිදර්ශ සංඛ්‍යාව හා රූපදර්ශ සංඛ්‍යාව පිළිවෙළින්,
(1) 2 හා 1 කි.
(2) 3 හා 2 කි.
(3) 4 හා 2 කි.
(4) 4 හා 3 කි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
28.
සර්වසම $A, B$ හා $C$ බල්බ තුනක් සහ $R$ ප්‍රතිරෝධකයක් පරිපථයකට සම්බන්ධ කර ඇති ආකාරය රූපයේ දැක්වේ. $A, B$ හා $C$ බල්බවල දීප්තිය පිළිබඳ සත්‍ය ප්‍රකාශය කුමක් ද?
Question Diagram
(1) $A < B < C$
(2) $A = B = C$
(3) $A = B < C$
(4) $A < C < B$
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
29.
පහත දැක්වෙන්නේ හේමටයිට් හා කාබන් මොනොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවයි. $\text{Fe}_2\text{O}_3 + 3\text{CO} \rightarrow 2\text{Fe} + 3\text{CO}_2$ $\text{Fe}_2\text{O}_3$ මවුල එකක් භාවිතයෙන් නිපදවිය හැකි $\text{Fe}$ ස්කන්ධය කොපමණ ද? $(\text{Fe} = 56)$
(1) $28\text{ g}$
(2) $56\text{ g}$
(3) $112\text{ g}$
(4) $168\text{ g}$
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
30.
වෛරස් ආසාදනයකට ලක් වූ පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සිරුරේ
(1) ඔක්සිජන් පරිවහනය හීනවත් වේ.
(2) ප්‍රතිදේහ නිපදවීම අඩාල වේ.
(3) රුධිරය කැටි ගැසීම නිසි පරිදි සිදු නො වේ.
(4) හෝමෝන පරිවහනය සෙමින් සිදු වේ.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
31.
සෘජුකෝණාස්‍ර හැඩැති තහඩු තුනක් මත ඒකතල බල යොදා ඇති ආකාර $A, B$ හා $C$ රූපවල දක්වා ඇත. ඉහත තහඩු අතුරෙන් සමතුලිතතාවේ පවතිනුයේ, (රූපය: B තහඩුව මත ඉහළට 5N, 5N සහ පහළට 10N බල)
Question Diagram
(1) $A$ පමණි.
(2) $B$ පමණි.
(3) $A$ හා $C$ පමණි.
(4) $A, B$ හා $C$ යන සියල්ල ම ය.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
32.
$A$ - උත්ප්‍රේරක මඟින් රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි වේ. $B$ - ප්‍රතික්‍රියාව අවසානයේ උත්ප්‍රේරණයේ රසායනික සංයුතිය වෙනස් වේ. ඉහත, (1) $A$ සහ $B$ ප්‍රකාශ දෙක ම සත්‍ය වේ. (2) $A$ ප්‍රකාශය සත්‍ය වන අතර $B$ ප්‍රකාශය අසත්‍ය වේ. (3) $A$ සහ $B$ ප්‍රකාශ දෙක ම අසත්‍ය වේ. (4) $A$ ප්‍රකාශය අසත්‍ය වන අතර $B$ ප්‍රකාශය සත්‍ය වේ.
(1) $A$ සහ $B$ ප්‍රකාශ දෙක ම සත්‍ය වේ.
(2) $A$ ප්‍රකාශය සත්‍ය වන අතර $B$ ප්‍රකාශය අසත්‍ය වේ.
(3) $A$ සහ $B$ ප්‍රකාශ දෙක ම අසත්‍ය වේ.
(4) $A$ ප්‍රකාශය අසත්‍ය වන අතර $B$ ප්‍රකාශය සත්‍ය වේ.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
33.
සර්වසම නළ හතරකට කාබන් ඩයොක්සයිඩ් සමාන සාන්ද්‍රණයක් සහිත ජලය සමාන පරිමා එකතු කර රූපවල දැක්වෙන (1), (2), (3) සහ (4) ඇටවුම් සකසන ලදී. මෙම ඇටවුම් හතර ම සර්වසම ආලෝක තත්ත්ව යටතේ පැය තුනක් තැබීමෙන් පසු ව අඩු ම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් ඇත්තේ කුමන ඇටවුමේ ද? (1: ජලජ ශාකය + සත්ත්වයා, 2: ජලජ ශාකය කළු කඩදාසියකින් ආවරණය කර ඇත, 3: ජලජ ශාකය පමණක් ආලෝකයේ, 4: පාලක ඇටවුම)
Question Diagram
(1) (1) ඇටවුමේ ය.
(2) (2) ඇටවුමේ ය.
(3) (3) ඇටවුමේ ය.
(4) (4) ඇටවුමේ ය.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
34.
බහුඅවයවික සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකන්න. $A$ - ඉතා ඉහළ සාපේක්ෂ අණුක ස්කන්ධයක් ඇත. $B$ - තැනුම් දායක වන කුඩා අණු පුනරාවර්තන ඒකක ලෙස හැඳින්වේ. $C$ - සම්භවය මත පදනම් ව කෘත්‍රිම හා ස්වාභාවික ලෙස වර්ග කළ හැකි ය. මේවායින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ
(1) $A$ පමණි.
(2) $B$ පමණි.
(3) $A$ හා $C$ පමණි.
(4) $B$ හා $C$ පමණි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
35.
රූපයේ දක්වා ඇත්තේ $A$ හා $B$ පරිවර්තක තඹ කම්බි දඟර දෙකක් මෘදු යකඩ මධ්‍යයක් වටා ඔතා ඇති ආකාරයයි. එම සැකැස්ම පිළිබඳ ව පහත කුමන ප්‍රකාශය සත්‍ය වේ ද?
Question Diagram
(1) $S$ ස්විචය වසන මොහොතේ $A$ හි ධාරාවක් ගලා යන අතර $B$ හි ධාරාවක් ගලා නො යයි.
(2) $S$ ස්විචය දිගට ම වසා තැබීමේ දී $A$ හි ධාරාවක් ගලා යන අතර $B$ හි ද ධාරාවක් ගලා යයි.
(3) $S$ ස්විචය වසන මොහොතේ දී පමණක් $B$ හි ධාරාවක් ගලා යයි.
(4) $S$ ස්විචය විවෘත කරන මොහොතේ දී සහ වසන මොහොතේ දී පමණක් $B$ හි ධාරාවක් ගලා යයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
36.
ප්‍රවේග-කාල ප්‍රස්ථාරය පිළිබඳ දක්වා ඇති පහත ප්‍රකාශවලින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?
(1) ප්‍රස්ථාරයෙන් ආවරණය වන වර්ගඵලයෙන් වස්තුවේ විස්ථාපනය ලැබේ.
(2) නිශ්චලතාවෙන් චලිතය අරඹන වස්තු සඳහා ප්‍රස්ථාරය ආරම්භනුයේ මුල ලක්ෂ්‍යයෙනි.
(3) කාලයත් සමඟ ප්‍රවේගය වෙනස් වන චලිතයක දී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ශුන්‍ය වේ.
(4) ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් ත්වරණය/මන්දනය ලැබේ.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
37.
සාගර පරිසර පද්ධතිවල ඇල්ගී ඝනත්වය අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට දායක වන දූෂකය කුමක් ද?
(1) බර ලෝහ
(2) සල්ෆේට්
(3) කාබනික අපද්‍රව්‍ය
(4) පොස්පේට්
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
38.
වෙරළබඩ ප්‍රදේශවල වාසය කරන වැඩිහිටියන් කිහිප දෙනෙකු සමඟ කළ සාකච්ඡාවක දී ඔවුන් ප්‍රකාශ කළේ වර්තමානයේ වසරක දී කුණාටු ඇති වන වාර ගණනෙහි සහ ඒවායේ ප්‍රබලතාවෙහි වැඩිවීමක් දකින අතර, වෙරළ ඛාදනය වීම ඉතා ඉහළ වේගයෙන් සිදු වන බවයි. මෙම තත්ත්වයට ඉහළ ම දායකත්වයක් දක්වන්නේ කුමන පාරිසරික සංසිද්ධිය ද?
(1) ගෝලීය උණුසුම ඉහළ යාම
(2) හරිතාගාර ආවරණය
(3) ඕසෝන් වියන ක්ෂය වීම
(4) සුපෝෂණය
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
39.
සැම විට ම උඩුකුරු ආකාරයට පමණක් දැක්වෙන පාරිසරික පිරමිඩ වන්නේ,
(1) ජෛව ස්කන්ධ පිරමිඩයි.
(2) සංඛ්‍යා පිරමිඩයි.
(3) ශක්ති පිරමිඩයි.
(4) ශක්ති පිරමිඩ හා ජෛව ස්කන්ධ පිරමිඩයි.
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
40.
ප්‍රතිචක්‍රීකරණ මූලධර්මය සඳහා නිදසුනක් වනුයේ පහත කුමන ක්‍රියාව ද?
(1) භාවිතයෙන් ඉවත් කළ ඩෙනිම් කලිසම්වලින් පාපිසි සකස් කිරීම
(2) වැඩිමහල් සහෝදරයා භාවිත කළ ඇඳුම් බාල සහෝදරයා ඇඳීම
(3) එදිනෙදා මිල දී ගන්නා ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට එක් ම රෙදි මල්ලක් භාවිත කිරීම
(4) මැහුම් ගැලවුණු ඇඳුමක් නැවත මසා ඇඳීම
තෝරාගත් පිළිතුරේ අංකය: ලකුණු 01
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව • DEPARTMENT OF EXAMINATIONS, SRI LANKA අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය

2023 අ.පො.ස. (සා.පෙළ) විභාගය • විද්‍යාව II

Science II — Time: 3 Hours — Total Marks: 60

උපදෙස්: A කොටසේ ප්‍රශ්න හතරටම (1-4) මෙම පත්‍රයේම පිළිතුරු සපයන්න. B කොටසේ ප්‍රශ්න පහෙන් (5-9) ප්‍රශ්න තුනක් තෝරාගෙන පිළිතුරු සපයන්න.
විභාග අංකය: ....................................
II වන පත්‍රය — A කොටස (ව්‍යුහගත රචනා ප්‍රශ්න 04) සියලුම ප්‍රශ්න අනිවාර්යයි • එක් ප්‍රශ්නයකට ලකුණු 15 බැගින් • (මුළු ලකුණු 60)
(01) ප්‍රභාසංශ්ලේෂණය සහ ශාක කායික විද්‍යාව (Biology) මුළු ලකුණු 15
2023 විභාග ප්‍රශ්නය: හරිත ශාක පත්‍රයක ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත සාධක පරීක්ෂා කිරීමට පාසල් රසායනාගාරයේදී සිදුකළ පරීක්ෂණයක් ඇසුරින් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(A) (i) ප්‍රභාසංශ්ලේෂණයේදී ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාව සිදුවන හරිතලවයේ විශේෂිත ස්ථාන පිළිවෙළින් නම් කරන්න. [ලකුණු 3]
(A) (ii) ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා වන තුලිත සමස්ත රසායනික සමීකරණය (රසායනික සූත්‍ර ඇසුරින්) ලියන්න. [ලකුණු 4]
(B) (i) පිෂ්ට පරීක්ෂාවේදී ශාක පත්‍රය උතුරන ජලයේ තම්බා ගැනීම සහ පසුව ඇල්කොහොල් තුළ බහා ජල තාපකයක රත් කිරීම සිදු කරන්නේ මන්දැයි පහදන්න. [ලකුණු 4]
(B) (ii) ප්‍රභාසංශ්ලේෂණයේදී පිටවන වායුව ඔක්සිජන් ($\text{O}_2$) බව හඳුනා ගැනීමට යොදා ගන්නා පරීක්ෂාව සහ එහි නිරීක්ෂණය කෙටියෙන් ලියන්න. [ලකුණු 4]
(02) පදාර්ථයේ ව්‍යුහය, ආවර්තිතා වගුව හා බන්ධන (Chemistry) මුළු ලකුණු 15
2023 විභාග ප්‍රශ්නය: පරමාණුක ක්‍රමාංකය $Z = 13$ වූ ඇලුමිනියම් (Al) මූලද්‍රව්‍යය ඇසුරින් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(a) Al පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා, එය ආවර්තිතා වගුවේ අයත් වන කාණ්ඩය හා ආවර්තය සඳහන් කරන්න. [ලකුණු 4]
(b) Al මූලද්‍රව්‍යය ක්ලෝරීන් ($_{17}\text{Cl}$) සමඟ ප්‍රතික්‍රියා කර සාදන ක්ලෝරයිඩයේ රසායනික සූත්‍රය ලියන්න. එහි අඩංගු රසායනික බන්ධන වර්ගය කුමක්ද? [ලකුණු 4]
(c) එම ක්ලෝරයිඩයේ මවුලික ස්කන්ධය ගණනය කරන්න. (සාපේක්ෂ පරමාණුක ස්කන්ධ: Al=13, \text{Cl}=35.5) [ලකුණු 4]
(d) අයනික සංයෝග ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොකරන නමුත් විලයිත හෝ ජලීය ද්‍රාවණ අවස්ථාවේදී විදුලිය සන්නයනය කිරීමට හේතුව පහදන්න. [ලකුණු 3]
(03) චලිතය, ප්‍රවේග-කාල ප්‍රස්ථාර හා නිව්ටන් නියම (Physics) මුළු ලකුණු 15
2023 විභාග ප්‍රශ්නය: නිශ්චලතාවයේ සිට ගමන් ආරම්භ කළ ස්කන්ධය 1200 = 1200\text{ kg}$ වූ වාහනයක් ඒකාකාර ත්වරණය 2.5 = 2.5\text{ ms}^{-2}$ කින් තත්පර 8 = 8\text{ s}$ ක් ගමන් කර, ඉන්පසු ලබාගත් ප්‍රවේගයෙන් තවත් තත්පර 10ක් ඒකාකාර වේගයෙන් ගමන් කළේය.
(a) මුල් තත්පර 8 අවසානයේ වාහනය ලබාගත් අවසාන ප්‍රවේගය 12 = u + at$ ඇසුරින් ගණනය කරන්න. [ලකුණු 4]
(b) මුල් තත්පර 8 තුළ වාහනය ගමන් කළ දුර $s = ut + \frac{1}{2}at^2$ ඇසුරින් සොයන්න. [ලකුණු 4]
(c) මෙම චලිතය සඳහා ප්‍රවේග-කාල ($v-t$) ප්‍රස්ථාරයේ දළ සටහනක් අඳින්න (අක්ෂ සහ අනුරූප අගයන් ලකුණු කරන්න). [ලකුණු 4]
(d) ත්වරණය වන කාලය තුළ රථය මත ක්‍රියාකළ අසමතුලිත ඉදිරි චාලක බලය $F = ma$ මඟින් නිව්ටන් (\text{N}) වලින් ගණනය කරන්න. [ලකුණු 3]
(04) ධාරා විද්‍යුතය, පරිපථ හා ඉලෙක්ට්‍රොනික විද්‍යාව (Applied Science) මුළු ලකුණු 15
2023 විභාග ප්‍රශ්නය: විභව අන්තරය $V = 12\text{ V}$ වන කෝෂයකට ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද $R_1 = 4\text{ }\Omega$ සහ $R_2 = 8\text{ }\Omega$ ප්‍රතිරෝධක දෙකක් සහිත පරිපථයක් සලකන්න.
(a) ඕම්ගේ නියමය (Ohm's Law) ප්‍රකාශ කරන්න. [ලකුණු 3]
(b) පරිපථයේ මුළු සමක ප්‍රතිරෝධය ($R = R_1 + R_2$) සහ පරිපථය හරහා ගලන මුළු ධාරාව ($I$) ඇම්පියර් වලින් ගණනය කරන්න. [ලකුණු 4]
(c) $R_2 (8\text{ }\Omega)$ ප්‍රතිරෝධකය දෙකෙළවර විභව බැස්ම ($V_2 = I \times R_2$) වෝල්ට් වලින් ගණනය කරන්න. [ලකුණු 4]
(d) මෙම පරිපථයට සන්ධි ඩයෝඩයක් පසු නැඹුරු වන පරිදි සම්බන්ධ කළහොත් පරිපථයේ ධාරාවට කුමක් සිදුවේද? ඊට හේතුව කුමක්ද? [ලකුණු 4]
II වන පත්‍රය — B කොටස (රචනා ප්‍රශ්න 05) ප්‍රශ්න පහෙන් තුනකට (03) පමණක් පිළිතුරු සපයන්න • එක් ප්‍රශ්නයකට ලකුණු 20 බැගින්
05. මානව ප්‍රවේණිය සහ මෙන්ඩලීය නීති (Biology Essay) ලකුණු 20
2023 විභාග රචනා ගැටලුව: ග්‍රෙගර් මෙන්ඩල් විසින් සිදුකරන ලද මූලික ඒකසංකරණ පරීක්ෂණ සහ මිනිසාගේ රුධිර ගණ ප්‍රවේණිය පිළිබඳව පහත විමසුම සලකන්න.
(a) (i) ප්‍රමුඛ ලක්ෂණය (Dominant trait) සහ නිලීන ලක්ෂණය (Recessive trait) යන්න නිර්වචනය කරන්න. [ලකුණු 4]
(a) (ii) සමයුග්මක උස ශාකයක් ($TT$) සහ සමයුග්මක මිටි ශාකයක් ($tt$) පරපරාගනය කළ විට $F_1$ සහ $F_2$ පරම්පරාවල ලැබෙන රූපදර්ශ අනුපාතය පුනට් කොටුවක් (Punnett square) ඇසුරින් දක්වන්න. [ලකුණු 8]
(b) මිනිසාගේ $\text{ABO}$ රුධිර ගණ ප්‍රවේණිය පාලනය කරන ඇලීල 3 නම් කර, $\text{A}$ රුධිර ගණය ඇති පියෙකුට සහ $\text{B}$ රුධිර ගණය ඇති මවකට $\text{O}$ රුධිර ගණය සහිත දරුවෙකු බිහිවිය හැකි ආකාරය ප්‍රවේණි සටහනකින් පැහැදිලි කරන්න. [ලකුණු 8]
06. විද්‍යුත් රසායනික කෝෂ සහ විද්‍යුත් විච්ඡේදනය (Chemistry Essay) ලකුණු 20
2023 විභාග රචනා ගැටලුව: රසායනික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත්කිරීම සහ විද්‍යුත් ශක්තිය මඟින් රසායනික විපර්යාස සිදුකිරීම පිළිබඳ පහත කොටස්වලට පිළිතුරු සපයන්න.
(a) විද්‍යුත් රසායනික කෝෂයක් (ගැල්වනික කෝෂයක්) සහ විද්‍යුත් විච්ඡේදන කෝෂයක් අතර පවතින මූලික ශක්ති පරිවර්තන වෙනස පැහැදිලි කරන්න. [ලකුණු 4]
(b) තනුක සල්ෆියුරික් අම්ලය ($\text{H}_2\text{SO}_4$) යොදා ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී ඇනෝඩයේ හා කැතෝඩයේ නිදහස් වන වායු නම් කර, එම අග්‍රවල සිදුවන තුලිත අර්ධ ප්‍රතික්‍රියා ලියන්න. [ලකුණු 8]
(c) යකඩ හැන්දක් මත රිදී ($\text{Ag}$) හෝ තඹ ($\text{Cu}$) ආලේප කිරීමේ විද්‍යුත් තහඩුකරණ (Electroplating) ක්‍රියාවලියේදී කැතෝඩය, ඇනෝඩය සහ විද්‍යුත් විච්ඡේද්‍යය ලෙස යොදා ගන්නා ද්‍රව්‍ය නම් කරන්න. [ලකුණු 8]
07. තාපය, විශිෂ්ට තාප ධාරිතාව හා ගුප්ත තාපය (Physics Essay) ලකුණු 20
2023 විභාග රචනා ගැටලුව: ද්‍රව්‍යවල උෂ්ණත්වය ඉහළ යාම සහ අවස්ථා විපර්යාසවලදී සිදුවන තාප හුවමාරුව පිළිබඳ පහත ගැටලුව විසඳන්න.
(a) විශිෂ්ට තාප ධාරිතාව ($c$) සහ විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය ($L_f$) අතර වෙනස අර්ථ දක්වන්න. [ලකුණු 5]
(b) ස්කන්ධය $2\text{ kg}$ වන ජලයේ උෂ්ණත්වය $30\text{ }^\circ\text{C}$ සිට $80\text{ }^\circ\text{C}$ දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය ගණනය කරන්න. (ජලයේ විශිෂ්ට තාප ධාරිතාව $c = 4200\text{ J kg}^{-1}\text{ K}^{-1}$) [ලකුණු 7]
(c) $0\text{ }^\circ\text{C}$ හි පවතින අයිස් කැටයක් $0\text{ }^\circ\text{C}$ හි ජලය බවට පත්වීමේදී උෂ්ණත්වය වෙනස් නොවන්නේ මන්දැයි අණුක චාලක වාදය ඇසුරින් පහදන්න. [ලකුණු 8]
08. විද්‍යුත් චුම්බක ප්‍රේරණය, පරිණාමක හා ගෘහ විදුලි පරිපථ (Applied Physics Essay) ලකුණු 20
2023 විභාග රචනා ගැටලුව: ජාතික විදුලිබල පද්ධතියෙන් ගෘහස්ථ විදුලි සැපයුම ලබාගැනීම සහ විද්‍යුත් උපකරණවල ආරක්ෂිත භාවිතය පිළිබඳ පහත ප්‍රශ්න සලකන්න.
(a) විද්‍යුත් චුම්බක ප්‍රේරණය යනු කුමක්දැයි හඳුන්වා, එය ප්‍රායෝගිකව යොදාගන්නා උපකරණ 2ක් නම් කරන්න. [ලකුණු 5]
(b) විදුලිබලාගාරවල සිට නගර වෙත විදුලිය සම්ප්‍රේෂණය කිරීමේදී අධි වෝල්ටීයතාවයකින් සම්ප්‍රේෂණය කරන්නේ මන්දැයි \$P = I^2R\$ සමීකරණය ඇසුරින් විස්තර කරන්න. [ලකුණු 7]
(c) ගෘහ විදුලි පරිපථයක ආරක්ෂාව සඳහා යොදන (i) විලායකය (Fuse) (ii) කුඩා පරිපථ බිඳිනය (MCB) සහ (iii) භූගත රැහැන (Earth wire) ක්‍රියාත්මක වන ආකාරය කෙටියෙන් විස්තර කරන්න. [ලකුණු 8]
09. ජෛව භූ-රසායනික චක්‍ර, ගෝලීය උණුසුම හා පරිසර කළමනාකරණය (Biosphere & Environment) ලකුණු 20
2023 විභාග රචනා ගැටලුව: මිහිමත ජීවයේ පැවැත්ම තහවුරු කරන ජෛව භූ-රසායනික චක්‍ර සහ මානව ක්‍රියාකාරකම් නිසා පැනනැගී ඇති පාරිසරික අර්බුද පිළිබඳ පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
(a) නයිට්‍රජන් චක්‍රයේදී වායුගෝලීය නයිට්‍රජන් ($N_2$) ශාකවලට උරාගත හැකි නයිට්‍රේට් ($NO_3^-$) බවට පත්කරන ජෛවීය හා අජෛවීය ක්‍රම එක බැගින් දක්වන්න. [ලකුණු 6]
(b) හරිතාගාර ආචරණය (Greenhouse Effect) යනු කුමක්දැයි විස්තර කර, මිනිසා විසින් වායුගෝලයට අධිකව හරිතාගාර වායු එකතු කිරීම නිසා සිදුවන අහිතකර ප්‍රතිඵල 3ක් සඳහන් කරන්න. [ලකුණු 7]
(c) පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ලෝකයේ ක්‍රියාත්මක වන 3R (Reduce, Reuse, Recycle) සංකල්පය පාසලේදී සහ නිවසේදී ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික උදාහරණ සහිතව පැහැදිලි කරන්න. [ලකුණු 7]
VertexExam.lk • නිල අධ්‍යාපනික විභාග මධ්‍යස්ථානය 2023 O/L විද්‍යාව • සියලුම හිමිකම් ඇවිරිණි. Exam Paper Sheet